Sunday, May 8, 2011

විඳීම හා විඳවීම

සිටිත් ඔවුන් සංයමයෙන්
එකිනෙකා ඉදිරියේ,
ඇත මැඳ මේසයේ
සවුදිය බඳුන, කටගැස්ම,
අරඹත් එකෙක් උජාරුවෙන්
අනුගමනය කරති, ඔහු අනෙකුනුත්
ඇසෙයි වීදුරු ගැටෙන හඬ,
"Cheers"

බිඳී සංයමය ටිකකින්,
අරඹති දොඩන්නට හිස්වචන
අඬති සමහරු මතක් කර අතීතය
අරඹයි එකෙක් සංගීතය විරහවෙන්
තවකෙක් දොඩයි ධර්මය
"සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යය"

හිස්වන විට බදුනක්
ගනි තවකෙකු අලුත් බඳුනක්
"අම්මෝ මෙන්න සැප"
දොඩයි එකෙක් බදාගෙන බඳුන

නටත් සියළු දෙන බඳුන් වට
ගී කියමින් ඔවුනට අනුව
ටිකකින් නතරවෙයි නැටුම, බාලවී ගී හඬද

නිදති සමහරු සිහිසුන්ව
ඇතමෙක් පොලොව මත
තවකෙක් දුවයි ඉවසුම් නැතිව

අහෝ.....සංයමයට වූ අරුම........

No comments:

Post a Comment