Sunday, June 5, 2016

මගේ සොඳුරට,

සඳ සඳ ලෙස දකින
දැනෙන එහි සිසිලස
මල මල ලෙස පිපෙන
විඳින එහි රුව වරුණ
ඔබ මා ලෙස දකින
මා ඔබ ලෙස දකින
අරුත් බර ජීවිතය
(විවාහයේ පලමු සංවත්සරය දින )


ටික කළකට ලංකාවට ගිය බිරිඳට

තනිකම පැතිර
ගනදුර මැදින්
පෙනෙයි ඈ මට 
ඈ ගොසින් දුර ඈත
සවි වඩන්නට දිවිය
දැනෙයි හදමත හිස්බව
ප්‍රිය බිරිඳ නෑ අසල

Sunday, June 26, 2011

රෑ කල දිගු වේනම්.......

අධ්‍යාත්මික ප්‍රේමය ගැඹුරුය..
ලිංගික ආලයෙහි සිදුරුය..
එහෙත්...
සංයෝගයේ ප්‍රමෝදය හා වියෝගයේ දුඛ්‍ය සංතාපය මේ දෙකටම පොදුය....

Thursday, June 2, 2011

පහස

බඹරු ඇති තැන මල නැතිවිට..
පිපි මල වට බඹරු නැතිවිට...
දෙඹර පහසද මල පතයි නම්
බඹරු අයදිති බඹන පහසම.......

Saturday, May 21, 2011

මා ප්‍රිය සගය

තුරුණු වියේ සිටින ඔබ,
ඉකිබිඳිනු කිම....
නොදන්නේ මන්ද නුඹ,
තිරසර නොවූ ලොව තුලම
අස්ථිර බව ප්‍රේමයද......

Thursday, May 19, 2011

විරාගය තුල වූ අරවින්ද.......,
"පරාර්ථකමිත්වය තුල ඔබ සතුවූ ආදරය සරෝජනී හඳුනා ගත්තේ නැතයි
මට සිතේ"......

Wednesday, May 18, 2011

මහරජ ගැමුණු

මම ඔබ කියවමි
නැවත නැවත කියවමි
ඔබ තුල වූ ඒ මහා මනුෂ්‍යත්වය
රාජ්‍යත්වයට වඩා වටිනේය
ඒ මහා මනුෂ්‍යත්වයට මම වන්දනා කරමි....