Sunday, June 5, 2016

මගේ සොඳුරට,

සඳ සඳ ලෙස දකින
දැනෙන එහි සිසිලස
මල මල ලෙස පිපෙන
විඳින එහි රුව වරුණ
ඔබ මා ලෙස දකින
මා ඔබ ලෙස දකින
අරුත් බර ජීවිතය
(විවාහයේ පලමු සංවත්සරය දින )


ටික කළකට ලංකාවට ගිය බිරිඳට

තනිකම පැතිර
ගනදුර මැදින්
පෙනෙයි ඈ මට 
ඈ ගොසින් දුර ඈත
සවි වඩන්නට දිවිය
දැනෙයි හදමත හිස්බව
ප්‍රිය බිරිඳ නෑ අසල