Sunday, June 26, 2011

රෑ කල දිගු වේනම්.......

අධ්‍යාත්මික ප්‍රේමය ගැඹුරුය..
ලිංගික ආලයෙහි සිදුරුය..
එහෙත්...
සංයෝගයේ ප්‍රමෝදය හා වියෝගයේ දුඛ්‍ය සංතාපය මේ දෙකටම පොදුය....

Thursday, June 2, 2011

පහස

බඹරු ඇති තැන මල නැතිවිට..
පිපි මල වට බඹරු නැතිවිට...
දෙඹර පහසද මල පතයි නම්
බඹරු අයදිති බඹන පහසම.......

Saturday, May 21, 2011

මා ප්‍රිය සගය

තුරුණු වියේ සිටින ඔබ,
ඉකිබිඳිනු කිම....
නොදන්නේ මන්ද නුඹ,
තිරසර නොවූ ලොව තුලම
අස්ථිර බව ප්‍රේමයද......

Thursday, May 19, 2011

විරාගය තුල වූ අරවින්ද.......,
"පරාර්ථකමිත්වය තුල ඔබ සතුවූ ආදරය සරෝජනී හඳුනා ගත්තේ නැතයි
මට සිතේ"......

Wednesday, May 18, 2011

මහරජ ගැමුණු

මම ඔබ කියවමි
නැවත නැවත කියවමි
ඔබ තුල වූ ඒ මහා මනුෂ්‍යත්වය
රාජ්‍යත්වයට වඩා වටිනේය
ඒ මහා මනුෂ්‍යත්වයට මම වන්දනා කරමි....
දැවෙන විට වැලිකතර
වියුරු හිරු රශ්මියේ...,
විඩාබර මගෙ දෙපය ඇවිද්දෙද ඒ මතම
දියබිඳක් සොයන්නට.....?
සුලඟ ලෙස ඔබ
මගේ නළල මත
සිසිල සලමින් වැදීයන්

කුසුම ලෙස ඔබ
මගේ හද තුලම
සුවඳ සලමින් පිපීයන්....

Tuesday, May 10, 2011

සිතමි

වැදෙයි පවනක් සුවඳ මුසුවූ
නොදත් ඒ මල කොහේ සිටදැයි......
දැනෙයි සිසිලස ඒ පවන් රොදෙ
මලට බඹරුන් නැති හැඩයි.....

Sunday, May 8, 2011

විඳීම හා විඳවීම

සිටිත් ඔවුන් සංයමයෙන්
එකිනෙකා ඉදිරියේ,
ඇත මැඳ මේසයේ
සවුදිය බඳුන, කටගැස්ම,
අරඹත් එකෙක් උජාරුවෙන්
අනුගමනය කරති, ඔහු අනෙකුනුත්
ඇසෙයි වීදුරු ගැටෙන හඬ,
"Cheers"

බිඳී සංයමය ටිකකින්,
අරඹති දොඩන්නට හිස්වචන
අඬති සමහරු මතක් කර අතීතය
අරඹයි එකෙක් සංගීතය විරහවෙන්
තවකෙක් දොඩයි ධර්මය
"සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යය"

හිස්වන විට බදුනක්
ගනි තවකෙකු අලුත් බඳුනක්
"අම්මෝ මෙන්න සැප"
දොඩයි එකෙක් බදාගෙන බඳුන

නටත් සියළු දෙන බඳුන් වට
ගී කියමින් ඔවුනට අනුව
ටිකකින් නතරවෙයි නැටුම, බාලවී ගී හඬද

නිදති සමහරු සිහිසුන්ව
ඇතමෙක් පොලොව මත
තවකෙක් දුවයි ඉවසුම් නැතිව

අහෝ.....සංයමයට වූ අරුම........

ව්‍යංගා

මම නුඹට ආදරෙයි
මෙතෙක් කල් මා සෙවූ එකම ගැහණිය නුඹයි.....
(මහගම සේකර )

Tuesday, May 3, 2011

සම්මත නොවීම

ඇයත් යයි අද
නොදත් නමුදු ඇය
යන බව මා සිත්මැයි
එහෙත් ඇය දනී
මා ඇය හද කළඹා
නික්මුනුබව........

Friday, April 29, 2011

නෙතු ගැටීම

සිහින සඳ ඉකිබිඳින
රුවක් නැති අහස් ගැබෙ
පහන් තරුව වී අවරයේ සඳ දකින
සුළු මොහොතකට හෝ ඒ සඳට පෙම්කරන
මකන තුරු හිරු කරන රුව සඳේ සොඳුරු බව......

පැටලීම

ඉස්තෝප්පුවේ ඉඳගෙන
රෑට උයන්නට
වී අහුලමින්
අම්මා හිතනවා ඇති
පොඩි පුතා විශ්ව විද්‍යාලයේ ගිහින්
හොඳින් ඉගෙනගන්න්වා කියලා
ඒත් අම්මා හිතන්නේ නැතිව ඇති
පොඩි පුතා වැරදි වලට පැටලෙයි කියලා
විශ්ව විද්‍යාලයට එන දවසේ ඇගේ මුහුණ මට කීවා
වැරදි වැඩ කරන්න එපා කියලා
අම්මේ,
ඒක වැරදි වැඩක්ද කියලා මට තාම තේරෙන්නෙ නැහැ
ඒ උනාට මේ සැරේ ගමේ ගිහිල්ලා
මම ඒක අම්මත් එක්ක කියන්න ඕනී...........
2009.07.22