Friday, April 29, 2011

නෙතු ගැටීම

සිහින සඳ ඉකිබිඳින
රුවක් නැති අහස් ගැබෙ
පහන් තරුව වී අවරයේ සඳ දකින
සුළු මොහොතකට හෝ ඒ සඳට පෙම්කරන
මකන තුරු හිරු කරන රුව සඳේ සොඳුරු බව......

පැටලීම

ඉස්තෝප්පුවේ ඉඳගෙන
රෑට උයන්නට
වී අහුලමින්
අම්මා හිතනවා ඇති
පොඩි පුතා විශ්ව විද්‍යාලයේ ගිහින්
හොඳින් ඉගෙනගන්න්වා කියලා
ඒත් අම්මා හිතන්නේ නැතිව ඇති
පොඩි පුතා වැරදි වලට පැටලෙයි කියලා
විශ්ව විද්‍යාලයට එන දවසේ ඇගේ මුහුණ මට කීවා
වැරදි වැඩ කරන්න එපා කියලා
අම්මේ,
ඒක වැරදි වැඩක්ද කියලා මට තාම තේරෙන්නෙ නැහැ
ඒ උනාට මේ සැරේ ගමේ ගිහිල්ලා
මම ඒක අම්මත් එක්ක කියන්න ඕනී...........
2009.07.22